
එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු කුමක්ද? එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇතුළත බිත්තියේ (endometrium) ඇති පටක,ගර්භාෂයෙන් පිටත වෙනත් තැන්වල වැඩෙන්න පටන් ගන්න රෝගී තත්වයයි. මෙම රෝගයේදි සාමාන්‍යයෙන් මේ පටක වැඩෙන්නේ ඩිම්බ කෝෂ (ovaries), පැලෝපීය නාල (fallopian tubes), ගර්භාෂය පිටුපස, බඩවැල් සහ මුත්‍රාශය වැනි ප්‍රදේශවලයි. Advertisement සෑම මසකම ඔසප් චක්‍රයේදී ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඉදිමී ගැලවී යනවා. එන්ඩොමෙට්‍රියෝසිස් තියෙන කාන්තාවන්ට ගර්භාෂයෙන් පිටත වැඩෙන මේ පටකත් ඔසප් චක්‍රයේදී හෝමෝනවල බලපෑම නිසා ඉදිමී ලේ ගැලීමට පටන් ගන්නවා. හැබැයි මේ ලේ ගැලීමට පිටතට යාමට මාර්ගයක් නැති නිසා ඒ අවට ප්‍රදේශවල ඇලීම්, කැළැල් සහ ගැටිති (adhesions and cysts) ඇතිවෙන්න පුළුවන්. මේ රෝගය ප්‍රජනක වයසේ (දරුවන් ලැබිය හැකි වයසේ) සිටින කාන්තාවන්ට බහුලව බලපානවා. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්න පුළුවන් වුණත්, තවත් සමහර කාන්තාවන්ට දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්න ප...